නිමල් රාජපක්ෂ–
ඊශ්‍රායල් රජයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා අඩු වි ඇත්තේ එම රැකියා ඒජන්සිවලට ලැබෙන නිසා යයි කියන කථාව කතාව සම්ර්‍පූර්ණයෙන්ම වැරදි හා ජනතාව නොමග යවන ප්‍රකාශයන් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
යම් හෙයකින් ඒජන්සි ආයතන විදේශ රැකියාවලට යොමු නොකරන්නේ නම්, එම ප්‍රමාණය විදේශ ගතකිරිමට කාර්යාංශයට කිසිසේත්ම සිදුකල නොහැකි බව ද ඔහු කියයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලියාපදිංචි පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයන් රැකියා සදහා ලාංකිකයන් විදේශ ගත කරන විට නිසි පරිදි ගිවිසුම් ගත ලෙස, නිසි වැටුප් ලබා දෙන බවට පොරොන්දු ඇතුව එම ගිවිසුමට ඔවුන් එකගතාවය පල කර ඇත්ද යන්න සනාථ කරගැනීමෙන් අනතුරුව ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීම සිදුකරයි. එම නිසා කිසිදු අවස්ථාවක රජයට ලැබෙන රැකියා අවස්ථා අඩුවි ඇත්තේ ඒජන්සිවලින් රැකියා සදහා යෙමුකරන බවට පවතින මතය බැහැර කරන බවද ඔහු කියයි.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන පිරිසක් අද දින (9/21) කාර්යාංශයේ දි අමතමිණි.
“මෙරට සමාජය තුළ විදේශ රැකියා සම්බන්ධ විවිධ අදහස් මතවාදයන් ගොඩනැගී ඇති බව අප කවුරුත් දන්නා කරුණක්. මේ වනවිට ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙකුගේ අවධානයට ලක්ව ඇත්තේ ඊශ්‍රායල් රැකියා සදහා පිටත්ව යාමට යි. ඊශ්‍රායල් රැකියා වෙළදපලේ ඇති ඉල්ලුම හා ඉහළ වැටුප් ප්‍රමාණ හේතුකොට ගෙන ඊශ්‍රායල් රැකියා සදහා ඉල්ලුම් කිරීමට මුල් තැනක් දී ඇති බව පැහැදිලි කරුණක්”.
