Spread the love

නිමල් රාජපක්ෂ-

….

ඊශ්‍රායල් රැකියා රැකියා සදහා තෝරාගත් විගමනික ශ්‍රමිකයන් 204 දෙනෙකු සදහා ගුවන් ටිකට් පත් පිරිනැමීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

මෙලෙස ටිකට් පත් හිමි වූයේ හෝටල්, ආපනශාලා, කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත යන රැකියා අංශ සදහා තේරීපත් වූ ශ්‍රී ලාංකිකයන් සදහායි. හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සදහා 43 දෙනෙකු, ආපනශාලා ක්ෂේත්‍රයේ රැකියා සදහා 144 දෙනෙකු, කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සදහා 16 දෙනෙකු සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සදහා 01 අයෙකු ඇතුලත්ව 204 දෙනෙකු සදහා රැකියා අවස්ථා හිමි විය.

2026.08.31 වන දින වන විට කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සදහා 800 දෙනෙකුත් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සදහා 20 දෙනෙකුත් ආපනශාලා ක්ෂේත්‍රයේ රැකියා සදහා 97 දෙනෙකු සහ ගෘහ පාලන ක්ෂේත්‍රය සදහා 997 දෙනෙකු ඊශ්‍රායල් රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇත.

මේ වන විට ඊශ්‍රායල් රැකියා සදහා ඊශ්‍රායල් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති මුළු සංඛ්‍යාව 11,607 ක් බව කාර්යංශය පවසයි.

ඊශ්‍රායල් රැකියා සම්බන්ධව විවිධ වංචාවන් සිදුවන අතර එම වංචාවන්ට හසු නොවන ලෙසත් වංචා සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 1989 අංකය ඇමතීමෙන් ලබා දෙන ලෙසත් ඊශ්‍රායල් තොරතුරු සම්බන්ධව දැනගැනීම සදහා කාර්යාංශ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය පරීශීලනය කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.