විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 51 ක ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 146 ක් ලබාගත්තා.
පන්දුවට පහරදීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Phil Salt ලකුණු 62 ක්, Harry Brook ලකුණු 14 ක් හා Will Jacks 21 ක් ලබාගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ කඩුලු 3 ක්, මහීෂ් තීක්ෂණ හා ඩිල්ෂාන් මදුෂංක කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව තරගයේ පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 3 ක් අවසනායේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 95 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 30 ක් ලබාගත්තා.
