නිමල් රාජපක්ෂ-
මොරතියකන්ද හා ඹබර කන්ද යන ප්‍රදේශවල සිදු කල සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත සැකකරුවන් දෙදෙනකු වටලා රුපියල් ලක්ෂ දොලහක් වටිනා මත්පැන් තොගයක් ඊයේ (08) කුරුණෑගල සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රිතු බෝතල් 1390 ක් තිබු බව කුරුණෑගල සුරාබදු නිලධාරීන් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (09) රම්බඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් සැකකරුවකුට රුපියල් එක්ලක්ෂ විසිපන්දහස බැගින් දෙදෙනාට රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩ මුදලක් ගෙවන ලෙස නියම කරන ලදි.
වයඔ පළාත් (1) සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවිපතිරණ මහතාගේ උපදෙස් මත ,කුරුණෑගල සුරාබදු අධිකාරී අරුණ සෝමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ, කුරුණෑගල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නලින්ද ප්‍රසන්න කුමාර මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂකවරුන් වන සේමසිංහ, , සුරාබදු සැරයන් 654 අමරානන්ද, සුරාබදු කෝප්‍රල්වරුන් වන , 840 ගාර්දිආරච්චි, 1039 කස්තුරිආරච්ච 1166 රොෂාන් රත්නායක. 1184 බුද්ධික, සුරාබදු නියාමකවරුන් වන 1215 සුරංග, 1223 ජයලත්, සහ සුරාබදු නියාමක රියදුරු චන්ද්‍රසේන යන නිලධාරීන්, වයඹ පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ජයම්පති බණ්ඩාර මහතා ඇතුළු වයඹ පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ගේද සහාය ඇතිව මෙම වැටලීම සිදු කළහ.
