දේවින්ද පිණිදිය.
කැමරා අරගෙන පන්සල් පල්ලි යනවට වඩා වැදගත් වන්නේ දූෂණයෙන්, වංචාවෙන්, මහජන ධනය සූරා කෑමෙන් තොරව ධාර්මිකව පාලනයේ යෙදීම බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ රජයේ ඉඩම් වල පදිංචි කරුවන්හට නිදහස් දීමනා බලපත්‍ර පිරිනැමීමේ වෙනුවෙන් පැවති අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එය වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ දින (12) සිදු කෙරිණි.
සැමටම ලස්සන ජීවිතයක් උදා කරදීම අරමුණු කරගත් වත්මන් රජයේ දැක්මට අනුව ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේඉඩම් කච්චේරි පවත්වා තෝරාගත් දිගු කලක් රජයේ ඉඩම්වල පදිංචිව සිටි ප්‍රතිලාභීන් 128ක් වෙනුවෙන් මෙහිදී නිදහස් ඉඩම් බලපත්‍ර බෙදාදීම සිදුකෙරිණි. ගැනුම් මිල අයකරන සහ නිදහස් දීමනා ප්‍රත්‍ර ලෙස දෙආකාරයකින් බලපත්‍ර පිරිනැමිණි.
එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,
“ලෝක වෙළඳපොළේ ඉන්ධන හා ගෑස් මිල ඉහළ යාම මත ලොව සියළු රටවල ඒවායේ මිල ඉහළ යාම සාමාන්‍යයි. එවැනි ගෝලීය අභියෝග හමුවේ නොසැලී ශක්තිමත්ව කටයුතු කිරීමට නම් ආර්ථික වශයෙන් රට සංවර්ධනය විය යුතුයි. ආර්ථිකව වට්ටපු රටක් අපි සාර්ථකව ගොඩනගමින් සිටිනවා. මෙම කාර්යයේ දී දේශපාලකයා, රාජ්‍ය නිලධාරියා මෙන්ම ජනතාවත් පිරිසිදු පාලනයක් සඳහා අවංකව රට වෙනුවෙන් කැපවී වැඩ කිරීම ඉතාම වැදගත්. සෑම පුරවැසියෙකුටම නිවසක, ඉඩමක අයිතිය හිමිවිය යුතු බව රජයේ පිළිගැනීමයි. මෙම ඉඩම් විධිමත්ව බුක්ති විදිමින් අලසකමින් තොරව රටට වැඩදායි වන ලෙස කටයුතු කරන්න. ”
