Spread the love

මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා.

ඒ අනුව අද (14) පැවැත්වීමට නියමිත විභාගය කිසිදු බාධාවකින් තොරව සැලසුම් කළ පරිදිම පැවැත්වෙන බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ.

මෙම ව්‍යාජ වාර්තාවලින් කලබලයට පත් නොවී, නියමිත කාලසටහනට අනුව අදාළ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ විභාගයට පෙනී සිටින ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ වැඩිදුරටත් විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටි.