නිමල් රාජපක්ෂ
ප්‍රධාන මාර්ගයේ , මුහුදු බඩ මාර්ගයේ ධාවනය වු සාගරිකා , සමුද්‍ර දේවී . රඹුක්කන , ෆවුසි , මුතු කුමාරි යන දුම්රියවල හා ප්‍රධාන මාර්ගයේ කොටුව ගම්පහ අතරත් මුහුදු බඩ මාර්ගයේ කොටුව රත්මලාන දුම්රිය ස්ථාන අතරත් පෙබරවාරි මාසසේ සිදු කල ප්‍රවේශපත්‍ර වැටලීම් වලදී දුම්රියේ හොරට ගිය මගීන් 161 දෙනෙකු වටලා රුපියල් හාරලක්ෂ අනුහයදාස් හාරසිය හැටක දඩ මුදලක් රජයට ලබා දිමට කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත.
මෙම වැටලීම් පෙබරවාරි මස 1 වැනිදා සිට 28 වැනිදා දක්වා සිදු කර තිබේ.
එහිදි කිසිදු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කල මගීන් විශාල පිරිසක් සිටි බවත් ,ඉතා සුළු පිරිසක් පමණක් තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන්කර කොටුකර ගැනීමට සමත්වු බවත්, ඒ අතර වැඩි පිරිසක් කාන්නාවන් බවත්, කොටුව දුමරිය ආරක්ෂක සේවාවේ කාර්යභාර නිලධාරී ඩී. කුමාරසිංහ මහතා පවසයි.
දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, සහකාර අධිකාරි එන්.පී.ජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් , කොටුව කාර්යභාර නිලධාරී ජයසේකර කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටත් , කාන්තා සැරයන් 91162 ඒ.ජී. ස්වර්ණලතා , මහත්මියගේ ප්‍රධානත්වයෙන්,දුම්රිය ආරක්ෂක නිලධාරින්ගේ හා නිලධාරිණියන්ගේ සහාය ඇතිව මෙම වැටලිම් සිදු කළහ.
