Spread the love

ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත.

ඊයේ ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 197.19 කින් ඉහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 17,025.99ක් විය.

S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 36.34 කින් ඉහල ගොස් ඒකක 5,183.96 ක් විය.

දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 9.7කි.

සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව පසු කලේ ඉතිහාසයේ මුල් වරටයි.