නිමල් රාජපක්ෂ
කොළඹ සිට දුර ගමන් හා කෙටි ගමන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරමින් මගී ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන පහසුකම් මෙම උත්සව සමයේදී ලබාදීමට රජය විශේෂ ප්‍රවාහන සේවා සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් අප්‍රේල් මස 10 වන දින සිට 21 වන දින දක්වා මෙම විශේෂ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි සේවා බස් රථ දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි යොදවා ඇත. මෙම ඒකාබද්ධ ප්‍රවාහන වැඩපිළිවෙල සදහා අතිරේක බස් රථ 1,500 ක් යෙදවීමට ලංගම විසින් කටයුතු කර ඇත.
අද දින (.12) ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් සහ කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පර්යන්තයේ සිට මගී අවශ්‍යතාවය පරිදි මෙම බස් සේවා ක්‍රියාත්මක කෙරේ.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අද දින සැලසුම්ගත බස් සේවා ක්‍රියාත්මක වීම නිරීක්ෂණය කිරීමට පැමිණි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම්) ආලෝකා කරුණාරත්න මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් :
‘මගී ජනතාවට ආරක්ෂිතව හා සතුටින් ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට අවශ්‍ය ඩැඩපිලිවෙල මේ වනවිට සපුරා දී තිබෙනවා. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විනාඩි 15 ත් 20ත්කාලයකින් පිටත්වන අයුරින් දුරගමන් බස් රථ යොදවා තිබෙනවා. බලාපොරොත්තු වූ ආකාරයට කාලසටහන්වලට ලංගම සහ පෞද්ගලික බස් රථ යොදවා තිබෙනවා. සමහර බස් රථ ගමන්වාර 3 ක් දක්වා ක්‍රියාත්මක කරනවා. ඊයේ වැඩිම මගී ජනතාවක් ගමනාගමනයේ යෙදුණු දිනය ලෙස වාර්තා වුණා. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් පමණන් 55,000 ක පමණ මගීන් ප්‍රවාහන පහසුකම් සපයාගෙන තිබෙනවා.
ඒ වගේම පසු අවුරුදු සැලැස්ම යටතේ අප්‍රේල් 16 සිට 21 දක්වා ගම්බිම්වල සිට කොළඹට පැමිණීමටත් මේ විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරනවා.
මීට සමගාමීව අනෙකුත් සියලුම පළාත්වලත් ලංගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි සමග ඒකාබද්ධ සේවාව යටතේ මගීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ක්‍රමවත් කිරීමට පියවර ගෙන ඇත.
