Spread the love

නිමල් රාජපක්ෂ –

රුපියල් කෝටි එකහමාරක් වටිනා කේරල ගංජා තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදි එක් සැකකරුවකු මීගමුව දෙමංහන්දිය ප්‍රදේශයේදී අද(21) අළුයම 3 ට පමණ මීගමුව සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කේරල ගංජා තොගය අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයේ කේරල ගංජා කිලෝ 84 ක් තිබු බව මීගමවු සුරාබදු ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක වයි.ඒ.එස්.පී යාපා මහතා පවසයි.

නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වා මීගමුව ප්‍රදේශයේන් ගොඩබිමට රැගෙන විත් සැකකරුවන් කාලයක් තිස්සේ ඉතා රහසි ගතව කේරල ගංජා ජාවාරම සරුවට කරගෙන ගොස් ඇති බවත් ,කුරුණෑගල, ගිරිඋල්ල යන ප්‍රදේශවලට මෙම කේරල ගංජා බේදා හැරීමට රැගෙන යන බවත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා කේරල ගංජා තොගය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිිරීමට නියමිතය.

බස්නාහිර පලාතභාර සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා ගේ උපදෙස් මත, මීගමුව සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක වයි.ඒ.එස්.පී යාපා මහතාගේ අධික්ෂණය යටතේ , සුරාබදු පරීක්ෂක නලින් රණවීර, සැරයන් අතපත්තු, කෝප්‍රල් චන්දන ජයසිංහ ,නියාමක රුව්න් ඉන්ද්‍රජිත් රියදුරු අසංක අතුකෝරල යන මහත්වරු මෙම වැටලී