Spread the love

මුල්කිරිගල ගුණරත්න

අගුණකොළපැලැස්ස බන්ධනාගාරය තුලදී රැදවියෙකුට ගලකින් පහරදී ඝාතනය කල චූදිත රැදවියන් දෙදෙනෙකුට අද (05) පස්වරුවේ දකුණු පළාත් බද තංගල්ල (පූර්වගාමි ) මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා මරණීය දණ්ඩනය නියම කළේය .

චූදිතයන් දෙදෙනා වෙනත් වැරැදිවලට මරණ දඩුවම් නියමව සිටින රැදවියන් දෙදෙනෙකි.

සිද්ධිය 2018.11.16 දින දහවල් 12 ට පමණ බන්ධනාගාරයේ දිවා ආහරය ලබාදෙන විට රැදවියන් සිර මැදිරි වලින් පිටතට ගත් විට ඔවුන් අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු චූදිතයින් මියගිය රැදවියාගේ ගලකින් ගසා හිස පොඩිකර ඝාතනය කර තිබිණි .

ඝාතනයට ලක්වූයේ හේවා ඇලපාතගේ මේනක සංජීව නමැති 39 හැවිරිදි රැදවියායි.

ලහදපුරගේ නිමල් නොහොත් යකඩයා සහ කුරුකුලසූරිය බලාපු වඩුගේ බැසිල් මෙන්ඩිස් යන චූදිතයින් දෙදෙනාට මරණ දඩුවම නියම විනි.

චූදිතයින් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබිණි . අගුණකොළපැලැස්ස පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය.