Spread the love


නිමල් රාජපක්ෂ –

ගණේමුල්ල යාගොඩ සුමේධ මාවතේ පුවක්ගහ ලන්දවත්ත මාර්ගය පයින් යාමට නොහැකි තත්ත්වයටම පාරේ තාර ගැලවී විශාල වලවල් හැරි දැඩි අබලන් තත්ත්වයට පත්වී තිබේ.

එ බැවින් එම මාර්ගය සාදා දෙන්නැයි ගම්පහ ප්‍රදේශිය සභාව දැණුවත් කොට මාස හතත් ගත වී ඇතැත් මෙතෙක් කිසිදු විසදුමක් ලබා දී නැතැයි ප්‍රදේවාසින් මැසිවිලි නගති.

පුවක්ගහලන්ද වත්ත වෙන්දේසි වත්තේ පවුල් 30 ක් පමණ පදිංචි සිටින බැවින් දිනපතා එම මාර්ගය හරහා යතුරු පැදි ත්‍රිරෝද රථ ගමන් කිිරීමට නොහැකි තත්ත්වයක් උදාවි තිබේ . මන්ද පාර පුරා තැනින්තැන තාර ගැලවී ගොස් ඇති බැවිණි.

පාර දෙපස කානු පද්දතියක්ද ඉදිකර නොමැති බැවින් වර්ෂා කාලයට වැසි ජලය පාර පුරා ගලා යාම නිසා මාර්ගයේ තාර ගැලවි විශාල වලවල් සෑදි ඇත.


මේ පිළිබදව ගම්පහ ප්‍රාදේශීය සභාවට දැන්වුවත් මෙතෙන් විසදුමක් නොමැති බැවින් ප්‍රදේශාවාසීන් මුදල් එතතු කොට වැලි චිප්ගල් යොදා වලවල් ටික වසා දැමීමට සුදානම් වෙද්දී ප්‍රදේශීය සභාවෙන් එය තනර කරන ලෙස දන්වා තිබේ. තම පාරේ වලවල් ටික ප්‍රාෙද්ශවාසීන් සකස් කිිරීමේදී ප්‍රාද්ශීය සභාව එය අගය කලයුතුව වෙයි .


නමුත් සිදු වි ඇත්තේ තම මාර්ගයේ වලවල් ටිකවත් වසා ගැනීමට නොහැකි තත්ත්වයකි . ජනාධිපති තුමනි සුමේධ මාවතේ පුවක්ගස්ලන්ද වත්ත මාර්ගය පිළිබදව තිබෙන ගැටලුවට විසදුමක් ලබා දීමට ඹබතුමාගේ අවධානය යොමු කරන්නේනම් ඉතා අගය කොට සලකමි.