Spread the love

නැගෙනහිර පළාතට සහ උතුරු මැද පළාත සඳහා නව ප්‍රධාන ලේකම්වරු දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක පත් කරයි.

මෙම පත් කිරීම් සිදුකර ඇති අතර, ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කරනු ලැබුවා.

ඒ අනුව නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස ටී.ඒ.සී.එන්. තලංගම පත් කර තිබෙන අතර, ඔහු ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.

එසේම, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්. ජයසිංහ පත් කර තිබෙන අතර, ඔහු කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.