විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමට කටයුතු කරමින් ඇතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමාගේ ආරක්ෂාව තව තවත් වැඩිකරගෙන ඇතැයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට ජනාධිපතිවරයා සමග ආරක්ෂක රථ 11ක් ගමන් කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
