Spread the love

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී ඇත

පළමු කාන්තා දිනය 1909 පෙබරවාරි 28 වන දින ඇමෙරිකාවේදී සමරා ඇති අතර, 1910 දී ජර්මානු ක්‍රියාකාරිනියක වූ ක්ලාරා සෙට්කින් විසින් මෙය ජාත්‍යන්තර දිනයක් ලෙස යෝජනා කළ බවයි සඳහන් වන්නේ.

ඉන් අනතුරුව 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් මාර්තු 08 වන දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කර තිබේ.

‘පොහොසත් රටක අභිමන ඇය වෙයි දැයක පෙරමඟ’ තේමාවෙන් මෙවර ශ්‍රී ලංකාව ද ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

කාන්තා දිනය නිමිත්තෙන් අද (08) දිනයේ ජාතික, පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.