නිමල් රාජපක්ෂ –
ටයිල් ප්රවාහනය කල ලොරි රථයක් දියතලාව හා බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර කොළතැන්න දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී එම ලොරි රථයේ තිරිංග දෝෂයක් හේතුවෙන් එහි රියදුරු එම ලොරි රථය දුම්රිය මාර්ගයේ ධාවනය කොට තිබේ.
දුම්රිය මාර්ගය දිගේ ටික දුරක් ගොස් ටයිල් ලොරිය දුම්රිය මාර්ගයටම පෙරලි ඇත. නමුත් මෙම අනතුරින් කිසිවකුටත් අනතුරක් නොවු අතර දුම්රිය මාර්ගයට ටයිල් කැටවැටී කැඩි ගියද උඩරට දුම්රිය ධාවනයට බාධා වක් නැතැයිද වාර්තාවෙයි.
