Spread the love

මෙරට ඩිජිටල් ගෙවීම්⁣ ක්ෂේත්‍රයේ නව්‍ය විසඳුම් ඇගයීමට ලක් කෙරෙන LankaPay Technnovation Awards ජාතික සම්මාන උළෙල අද (26) රාත්‍රියේ කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

LankaPay ජාතික ගෙවීම් ජාලය මඟින් 07 වන වරට සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

2017 වසරේ ඇරඹුණු මෙම ජාතික සම්මාන උළෙල හරහා රටේ මූල්‍ය සේවා අංශයේ තාක්ෂණික නවෝත්පාදනවල පුරෝගාමීන් සහ මහජනතාවගේ පහසුව තකා ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරනු ලබන බැංකු, බැංකු-නොවන මූල්‍ය ආයතන, රාජ්‍ය ආයතන සහ මූල්‍ය තාක්ෂණ (FinTech) ආයතන ඇගයීමට ලක් කරමින් කාණ්ඩ 14ක් යටතේ ජාතික සම්මාන පිරිනැමීමට නියමිතයි.