නිමල් රාජපක්ෂ
කාන්තාවන් දෙදෙනකු කුඩා දැරියක වඩාගෙන ශෛල්‍ය කර්මයක් කිීරීමට දරුවාට තිබෙන බව පවසමින් ඉතා වංචනික ලෙස දුම්රිය මගීන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිල්ලකට අනුුව අද දහවල් මරදාන දුම්රිය ආරක්ෂක නිලධාරීන් අදාල කාන්තාවන් දෙදෙනා සමග කුඩා දරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාවන් දෙදෙනා ප්‍රධාන මාර්ගයේ ගම්පහ දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු දුම්රියක මෙසේ මගීන්ගෙන් මුදල් එකතු කරන බවට කොටුව දුම්රිය ආරක්ෂක අධිකාරී වරයාට පැමිණිල්ලක් ලැබී තිබේ.
එම තොරතුරට අනුව වහාම ක්‍රියාත්මක වු මරදාන දුම්රිය ආරක්ෂක නිලධාරින් අදාල දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේ නතර කල අවස්ථාවේ මෙම කාන්තාවන් දෙදෙනා සහ කුඩා දැරිය අත්අඩංගුවට ගැනීමට සමත්වි ඇත.
අදාල කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිීරීමේදි එම දරුවාට විශාල ආමාරුවක් තිබෙන බව පැවසුවත් කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොතිබු බව මරදාන දුම්රිය ආරක්ෂක හමුදාවේ කාර්යභාර නිලධාරී ප්‍රදීප් ජයතිලක මහතා පවසයි.
කුඩා දැරියඅවුරුදු තුනහමාරක පමණ අයකු බවත් , දරුවා කිසිදු ප්‍රාණවත් බවකින් නොසිටි බවත් දරුවා මත්වි සිටින බවට සනාථ වන බවත් ප්‍රදිප් ජයතිලක මහතා පැවසුවේය.
දුමරිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාට ලද පැමිණිල්ලකට අනුව ඹහුගේ උපදෙස් මත මරදාන දුම්රිය ආරක්ෂක හමුදාවේ ස්ථානාධිපති ප්‍රදිප් ජයතිලක ,දුම්රිය ආරක්ෂක හමුදාවේ කාන්තා ආරක්ෂිකාවන් අනෝමා ,අන්ජලී ,ආරක්ෂක නිලධාරින්වන අසංක විදානාරච්චි,දයාරත්න යන මහත්වරු අදාල කාන්තාවන් දෙදෙනා හා කුඩා දරුවා අත්අඩංගුවට ගෙන මරදාන පොලිසියේ කාන්තා කාර්යංශය වැඩි දුර පරික්ෂණ පැවැත්වීම සදහා බාරදි තිබේ.
සිද්ධිය පිළබද මරදාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
