Spread the love

නිමල් රාජපක්ෂ-

බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාර්ගයේ සඳුන් උයන ප්‍රදේශයේදි අද දින (2026 අගෝස්තු 24) දහවල්  දියවන්නා ඔයට ඇද වැටුනු කාන්තාවක්,  නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් මඟින් බේරා ගැනීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, දියවන්නා ඔයේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා ඇති නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අයත් ජිවිතාරක්‍ෂක කණ්ඩායමක් විසින්, ජපන් මිත්‍රත්ව මාර්ගයේ කිඹුලාවලට ආසන්න සඳුන් උයන ප්‍රදේශයෙන් දියවන්නා ඔයට පුද්ගලයෙකු ඇද වැටී ඇති බව නිරීක්‍ෂණය කර, සිදුකළ ක්‍ෂණික මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින් දියේ ගිලෙමින් සිටි කාන්තාවක් මෙලෙස නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.

තවද, නාවික හමුදාව විසින් බේරා ගත් කාන්තාව වයස අවුරුදු 59ක් වන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බවට හඳුනාගෙන ඇත.