වාකරේ කරුඅප්පන්කර්නි වැවේ අද දහවල් දියේ ගිලී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පිරිමි ළමුන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු බව සඳහන් වේ.
ඔවුන් වයස අවුරුදු 10ත් 11ත් වයස් කාණ්ඩවල පසුවන්නන් බවද පොලීසිය සඳහන් කළේය.
දියේ ගිලිණු දරුවන් තිදෙනාගේ මළසිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර වාකරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.එච් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
