අප්‍රේල් මස දෙවැනිදා සිට රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති තාක්ෂණික වාර්තාවට අදාළව දින 25ක් තුළ පිළිතුරු ලබා නොදීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
වෛද්‍යවරුන්ට ලබා දී ඇති රුපියල් 35000ක ඩැට් දීමනාව සෙසු වෘත්තීන් වලටත් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වේ.
එම සන්ධානයේ කැඳවුම්කරු රවි කුමදේශ් මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය සේවයේ වෘත්තිය සමිති තුනක් හැර සෙසු සියලුම වෘත්තිය සමිති මෙම වර්ජනය සඳහා සම්බන්ධ වන බවයි.
කෙසේ වෙතත් මෙම වර්ජනයට මාතෘ රෝහල් පිළිකා රෝහල් ලමා රෝහල් හා වකුගඩු රෝහල් සම්බන්ධ නොවනු ඇති බවද හෙතෙම පැවසීය.
අද දිනයේ මුදල් අමාත්‍යංශය සමග පැවැත්වෙන සාකච්චාව අනුම මෙම වර්ජනය තීරණය වන බවත් ඔහු කියා සිටී.
