නිමල් රාජපක්ෂ-
මන්නාරම උතුරු මුහුදේදී අපදාවට පත්, එක් දින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු (02) කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, නාවික හමුදාව, අද දින (2026 සැප්තැම්බර් 21) අළුයම සිදුකල විශේෂ සෙවීමේ හා මුදා ගැනීමේ මොහෙයුමකින් නිරුපද්‍රිතව මුදා ගැනිමට කටයුතු කෙරිණි.
යාපනය ගුරුනගර් ධීවර වරායෙන් 2026 සැප්තැම්බර් මස 19 වැනි දින ධීවරයින් දෙදෙනෙකු (02) රැගත් IDAY – A – 0126 JFN දරන එක්දින ධීවර යාත්‍රාව නැවත ධීවර වරාය වෙත පැමිණ නොමැති බවත්, එම යාත්‍රාව සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ සහය ලබා දෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම්දීමක් සිදුකෙරිණි. එම දැනුම්දීමට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, එම මුහුදු ප්‍රදේශයේ ධිවර කටයුතු සිදුකරනු ලබන යාත්‍රා වෙත මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී, සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම්ක් සිදු කිරීම සඳහා උතරු සහ උතරු මැද නාවික විධාන දැනුවත් කෙරිණි.
ඒ අනුව, උතරු මැද නාවික විධානය විසින් සිදුකල සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, තලෙයිමන්නාරමට උතරු මුහුදේ ඉන්ධන නොමැතිව අක්‍රීය වී පාවෙමින් තිබූ එක් දින ධීවර යාත්‍රාව සොයා ගැනීමෙන් අනතුරුව, එහි සිටි ධීවරයින් දෙදෙනා (02) මෙලෙස නිරුපද්‍රිතව මුදා ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවරයින් සහ එක්දින ධීවර යාත්‍රාව තලෙයිමන්නාරම වෙත රැගෙනවිත් ධීවරයින් වෙත අවශ්‍ය මානුෂීය ආධාර සැලසීමද එහිදී සිදුකෙරිණි.
