මාලන් විතාන –
ශ්රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු 2026 ජූලි මස 08 වන දින සිය ධුරයේ ප්රථම නිල හමුවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක බැහැදැකීය.
ඒ අනුව, සම්ප්රදායන්ට අනුකූලව පැවති මෙම නිල හමුවේදී, ශ්රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් ජනාධිපතිතුමා විසින් නාවික හමුදාධිපති වෙත සිය සුබ පැතුම් පිරිනමන ලද අතර, නව ධුරයේ රාජකාරි සාර්ථකව ඉටු කිරීම සඳහා සිය සුබාශිංසන ද එක් කරන ලදී.
තවද මෙම නිල හමුවීම සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති විසින් ගරු ජනාධිපති තුමා වෙත සමරු තිළිණයක් පිරිනැමීමද එහිදී සිදු කෙරිණි.
