Spread the love

වරෙන්තුකාරයින් සඟවා ගෙන ඉන්නේ අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමාය කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා’ යයි පිවිතුර හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරැ හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී හෙතෙම වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

පොලිස්පති කවුද කියා නීති විශාරද අධිකරණ නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල මැතිතුමාත් දන්නේ නෑනෙ. රැස්වීමක් අමතමින් කිව්වේ හිටපු පොලිස්පති දේශබන්දු කියලා. ප්‍රියන්ත වීරසූරිය මහතාට වැඩ බලමින් ඉන්න වෙලා තිබෙන්නේ තවමත් දේශබන්දු මහතා පොලිස්පති ධූරයේ ඉන්නා නිසා කියන එකවත් අපේ අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමා දන්නේ නෑනෙ.

සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිතුමා තවත් අපූරු කතාවක් කිව්වා. දේශබන්දු මහතා හැංගිලා ඉන්නේ වර්ග අඩි 65,000 භූමියක් තුල කියලා. වර්ග අඩි 65,000ක් කියන්නේ පර්චස් 239ක්. ඒ කියන්නේ හරියටම අක්කර එකහාමාරක භූමියක්. එවැනි කුඩා ප්‍රදේශයක නම් හැංගිලා ඉන්නේ පොලිසියෙන් විස්සක් එතැනට යැව්වා නම් පැයක් ඇතුලත ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන්නෙ. මීට කලින් පාතාලයේ ලොකුම නායකයා මතුගම ප්‍රදේශයේ සැගවී ඉන්නවා කියලා අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමා කිව්වා. මෙහෙම බලන විට වරෙන්තුකාරයින් සඟවා ගෙන ඉන්නේ අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමාය කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.