Spread the love

නිමල් රාජපක්ෂ

නිලාවැලි මුහුදේ ආපදාවට පත් විදේශීය සංචාරකයින් 03ක් නිරුපද්‍රිතව මුදාගැනීමට වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමත්වෙයි

ත්‍රිකුණාමලය, නිලාවේලි ගොපාලපුරම් වෙරළ තීරයේ දියනාමින් සිටියදී සැඩපහරට හසුවී ආපදාවට පත් විදෙස් සංචාරකයින් තිදෙනෙක් (03) නිරුපද්‍රිතව බේරාගැනීමට ඊයේ ( 31) වෙරළාරක්‍ෂක දෙපාර්තමෙන්තුවේ ජීවිතාරක්‍ෂක කණඩායමක් පියවර ගත්හ.

ඒ අනුව, ගොපාලපුරම්, වෙරළ තීරයේ දියනාමින් සිටියදී සැඩපහරට හසුවී දියේ ගසාගෙන යමින් සිටි  සංචාරකයින් තිදෙනෙක් (03),   වහාම ක්‍රියාත්මක වූ එම ජීවිතාරක්‍ෂක කණ්ඩායම, මහත් පරිශ්‍රමයක් දරා එම සංචාරකයින් තිදෙනා  නිරුපද්‍රිතව මුදාගෙන ගොඩබිමට රුගෙනවිත්, ඔවුන් නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලය වෙත මෙලෙස භාරදීමට කටයුතු කෙරිණි.

තවද, මෙසේ බේරාගන්නා ලද අවුරුදු 10 හා 14 වයසේ පසුවන ළමුන් දෙදෙනෙකුගෙන් සහ අවුරුදු 44ක් වන කාන්තාවක ගෙන් සමන්විත සංචාරකයින් පිරිස ප්‍රංශ ජාතික සංචාරකයින් පිරිසක් බවට හඳුනාගෙන ඇත.