Spread the love

දේවින්ද පිණිදිය

නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට, සංචාරක කර්මාන්තයට සහ අනාගත පරපුරට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව උතුරු පළාතේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ගේ හා උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2026 මාර්තු මස 10 වැනි දින උත්තර ආයතනයේදී පැවැත්විණි.

ඒ අනුව,  උතුරු මුහුදේ වර්ධනය වෙමින් පවතින නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම, සමුද්‍රීය පරිසරය රැකගැනීම, නීත්‍යානුකූල ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම, නීති විරෝධි ධීවර කටයුතු හේතුවෙන් මත්‍ස්‍ය සම්පත විනාශවීම,  සංචාරක කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑම, මසුන් ඇල්ලීමේ සම්මත පන්න ක්‍රම භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ අනාගත පරපුර වෙනුවෙන් සමුද්‍රීය පරිසරය රැකදීම පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කිරීම මෙම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් අපේක්‍ෂා කෙරිණි.