.
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මඟ පෙන්වීම මත කළුතර ප්‍රාදේශීය සභාව පරිසර සුරක්ෂිතතාව අරමුණූ කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන “පරිසර පොළ” පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
මෙහි දී කළුතර වස්කඩුව, වාඩියවත්ත ක්‍රීඩාංගණයේ පැවැති “පරිසර පොළ” අමාත්‍යවරයා නිරීක්ෂණය කළ අතර, භාවිතයෙන් ඉවතලන ද්‍රව්‍ය එක්රැස් කිරීම, අලෙවි කිරීම, සහ වෙළෙඳුන් විසින් මිල දී ගැනීම ඇතුළු අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා දැඩි අවධානය යොමු කරන ලදි. එමෙන් ම අදාළ වැඩසටහන ක්‍රියාත්මක වන අකාරයත්, පවතින අඩුපාඩු පිළිබඳවත්, එම වැඩපිළිවෙළට උපරිම ජනතා සහභාගීත්වයක් ලබාගනිමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහි දී අමාත්‍යවරයා සොයා බලන ලදි.
.
·

නිවෙස්වල, ව්‍යාපාරික ස්ථානවල හා සේවා ස්ථානවල භාවිතයෙන් ඉවතලන පොලිතීන්, වීදුරු, පොල්කටු, ටින්, යකඩ, ඇලුමිනියම්, කඩදාසි, පොත්, පත්තර, කාඩ්බෝඩ්, විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙම “පරිසර පොළ” වෙත භාර ගනු ලබන අතර, ඒ සදහා මුල්‍ය වටිනාකමක් ද එම ද්‍රව්‍ය ලබාදෙන්නන්ට ගෙවීම විශේෂත්වයකි.