සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි, පැළ සිටුවීමේ නැකත අද (23) දිනට යෙදී තිබෙනවා.
ඒ අනුව, අද (23) පෙරවරු 9.01 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවි බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.
පැළ සිටුවීමේ නැකත නිමිත්තෙන් පරිසර අමාත්‍යාංශය විසින් ද විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබෙනවා.
