Spread the love

නිමල් රාජපක්ෂ

වල් වැදි ඇති වෙදමුල්ල මහජන ක්‍රීඩාංගනය අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සුද්ද පවිත්‍ර කෙරිණ
කැලණිය වෙදමුල්ල මහජන ක්‍රීඩාංගනය ළමා උද්‍යානයක්, ක්‍රිකට් පුහුණු පිරියක්, අත් පන්දු පිටියක්, දැල් පන්දු පිටියක්, නවීන ක්‍රීඩාගාරයක් සහිතව, කැලණිය ප්‍රාදේශීය සභාව මගින් ඉතා විශාල මහජන මුදලක් වියදම් කරමින් ඉදි කරන ලද ක්‍රීඩා පිටියකි.

නමුත් පසුගිය සමයේ කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නොවීම නිසා වල්වැදී විනාශ මුඛයට යමින් තිබුණි. විවිධ අපචාර සඳහා පාරාදීසයක් බවට පත්ව තිබූ මෙම ක්‍රීඩා පිටිය නවීකරනය කිරීමට ආරම්භ කර තිබෙනවා. කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමලසිරි බණ්ඩාර මහතාගේ ඉල්ලීමකට අනූව කැලණිය ප්‍රාදේශීය සභාවයි මෙම පියවර ගෙන තිබෙන්නේ. ක්‍රීඩා අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක ක්‍රීඩා සතියට සමගාමීව සුද්ද පවිත්‍ර කෙරිණ.