මීලග ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දෙන අපේක්ෂකයා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ මිනීමරු සංස්කෘතියක් තියෙන පක්ෂයක් බව පැවසූ ඇමතිවරයා, පොහොට්ටුව කවදාවත් මිනීමරා නැති බවත්, අපි රටට වැඩ කරපු පක්ෂයක් බවත් සදහන් කලේය.
ඇමති ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ ඊයේ (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල ආසන බළ මණ්ඩලයට සහභාගී වෙමිනි. වේයන්ගොඩ අනුර බණ්ඩාරනායක රංග ශාලාවේදී මෙම බල මණ්ඩලය පැවැත්විණි