Spread the love

අද (06) පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000 ක් පමණ යොදවන බව පොලීසිය පවසයි.

හදිසි අවස්ථාවක් මතු වුවහොත් ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමටද අපේක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දේශීය නිරීක්ෂකයින් 4,450 ක් පමණ යොදවන බව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි..

ඒ අනුව මෙවර ඡන්ද විමසීම වෙනුවෙන් නිරීක්ෂකයින් 3,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බව ‘පැෆ්රල්’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළ අතර එසේම ‘කැෆේ’ සංවිධානයද නිරීක්ෂකයින් 1250 දෙනෙකු යොදවන බවයි එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් සඳහන් කළේ.