Spread the love


නිමල් රාජපක්ෂ –

මහජන මුදලින් වැටුප් ලබන්නන් තම වරප්‍රසාද ඉහල නංවාගැනීම සදහා කටයුතු කරනවා සේම ඵලදායි ජනතා සේවයක් වෙනුවෙන් ද ක්‍රියා කිරීම අත්‍යාවශ්‍යයයැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
නීතීඥ ලලිත් යු ගමගේ මහතා එසේ පැවසුවේ බහුකාර්ය සංවර්ධන සහායකයින් ලෙස බදවාගනු ලැබූ 50 දෙනෙකු මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර පත්විම් ලබාදිම ඊයේ ( 16)දා පස්වරුවේ මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි ලබාදු න් අවස්ථාවේදිය ,
මෙහිදී අදහස් දැක්වු මධ්‍යම පලාත් ආණ්ඩකාරවරයා, පළමු අදිවර යටතේ බහුකාර්ය සහයකයින් 1177 දෙනෙකුටද, දෙවන අදියර යටතේ බහුකාර්ය සංවර්ධන සහකයින් 533 බැගින් 1710 දෙනෙකුටද පත්විම් ලබා දි ඇති අතර මෙම පත්විම් 50ක් සමග පළාත් රාජ්‍ය සේවයට බහුකාර්ය සහායකයින් 1760 දෙනෙකු එක් කර තිබෙනවා.නමුත්
රජයේ පත්වීමක් ලබා රාජ්‍ය සේවයට එකතු වු පසු බොහෝ දෙනොට රාජ්‍ය‍ සේවය, සේවයක් යන්න අමතක වී යනවා. නමුත් සිදුවිය යුත්තේ මහජන මුදලින් වැටුප් ලබන්නන් වශයෙන් තම වරප්‍රසාද ඉහල නංවාගැනීම සදහා කටයුතු කරනවා සේම සඵලදායි ජනතා සේවයක් වෙනුවෙන් ද ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය බවත්ය.තමන්ගෙන් රටට ඉටු විය යුතු සේවය වර්තමානයේදි සිදු වනවාද යන්න ප්‍රශ්න සහගත බවත් තම අයිතින් වෙනුවෙන් පමණක් කටයුතු කරන ස්වභාවයක් ඇති බවත් එසේ නොවි සියලු දෙනාම එක්වි රට ගොඩනැගිමේ ක්‍රියාවලිය සදහා තම වගකිම් හා යුතුකම් මෙරට බදු ගෙවන ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු බවද අවධාරණය කළේය.
රටේ ජනතව සෟජු හා වක්‍රව බදු ගෙවමින් රාජ්‍ය සේවයකයින් ඇතුලු රාජ්‍ය කරගෙන යෑම සදහා දායකත්වය දක්වන බවත් ඔවුන් වෙනුවෙන් සෑමවිටම යුතුකම් ඉටු කළ යුතු බවද ආණ්ඩුකාරවරයා වැඩිදුටත් පැවසුවේය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,පළාත් කෘෂිකර්ම ලේකම් චන්දන වික්‍රමසුරිය,පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.