Spread the love

අනිච්චාවත සංඛාරා යයි කීමට නියමිතව තිබූ රටක් මරණයෙන් බේරා ගත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

බංකොලොත් රාජ්‍යයක් මාස දහඅටක් තුළ ආපසු හැරුනේ කෙසේදැයි ලෝකයේ රටවල් ලංකාවෙන් ඉගෙන ගනිමින් සිටින බවද හෙතෙම කියා සිටී.

නමුත් අපේ එකා ගැන අපට අගයක් නැති බවද අමාත්‍යවරයා කියා පැවසුවේය.

ග‍්‍රිසිය ලෙබනනව සිම්බාබේ ඇතුළු රටවල් තවමත් බංකොලොත් භාවයක ගිලී ඇති බවත් අමැතිවරයා තවදුරටත් පැවසීය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.