Spread the love


නිමල් රාජපක්ෂ –

තීරු බදු නොගෙවූ විදේශිය මත්පැන් බෝතල තොගයක් සගවා තිබු බත්තරමුල්ල රටබීම හලට වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදයකුමාර පෙරේරා මහතාගේ උපදෙස් මත අද (16)සවස සීල් තබා ඇත.
සුරාබදු කොමසාරිස් ජෙනරාලවරයාට ලද තොරතුරකට අනුව විශේෂ සුරාබදු කණ්ඩායමක් ගොස් බත්තරමුල්ල නිව් ආශා රවබීම හලේ කල පරික්ෂාවකදි එහි තිබී විදේශීය මත්පැන් බොතල 99 සොයා ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්න බව සුරාබදු කොමාසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.
අදාල ස්ථානයේ විදේශීය මත්පැන් බෝතලයක් රුපියල් 7500 / ට හා 9500/ කට අලෙවි කරන බව බලපත්‍ර ලාභියාගෙන් කල විමර්ශනයකදි හෙලවී තිබේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ තෙත් රටබීම හල මුදා තබා තිබේ.
බලපත්‍ර ලාභියාගේ පෙරවැරදි සලකා බලා ඉදිරියේදී දැඩි දඩුවම් පැමිණවීමට පියවර ගන්නා බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වැඩි දුරටත් පැවසුවේය.