හැටන් ලංගම බස් නැවතුම්පොලේ පිටුපස ලංගම බස් රථ රියදුරෙකු මුත්‍රා කිරිමට විරෝධය පල කල බස් නැවතුම්පොල භුමියේ වෙලදසැල් හිමියෙකුට පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇත.
හැටන් ලංගම ඩිපෝවේ රියදුරෙකු බස් නැවතුම්පොල පිටුපස මුත්‍රා කිරිම සම්බන්ධයෙන් වෙලදසැල් හිමියා රියදුරා අසලට ගොස් බස් නැවතුම්පොල භුමියේ විශාල පිරිසක් ගැවසෙන බවත්, තම වෙලදසැල් වලට පාරිභෝගිකයන් පැමිණෙන්නේ බස් නැවතුම්පොල හරහා බැවින් පොදු ස්ථාන වල මුත්‍රා කිරිම සුදුසු නොවන බවට පැවසිමත් සමග එම රියදුරා විසින් වෙලදසැල් හිමියාට පහර දෙන අවස්තාවේ එම ස්ථානයට පැමිණි ලංගම ඩිපොවේ තවත් රියදුරෙකු වෙලදසැල් හිමියාට පහර දි ඇත.
පහර කැමෙන් තුවාල ලැබු වෙලදසැල් හිමියා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියට වෙලදසැල් හිමියා විසින් පැමිණිල්ලක් කර ඇත.
හැටන් ලංගම ඩිපෝවේ රියදුරන් දෙදෙනා විසින් වෙලදසැල් හිමියාට පහරදෙන අයුරු බස් නැවතුම්පොල අසල පිහිටි වෙලදසැලක ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.
