බොරැල්ල, සහස්පුර සිරිසර උයන ප්රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා කොළඹ මහරෝහල වෙත ප්රතිකාර සඳහා ඇතුළත් කළ බවයි පොලීසිය සදහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් T 56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.
මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටීමක් බවටයි පොලිසිය සැකකරනු ලබන්නේ.
