Spread the love

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා අමාත්‍යවරුන් හතර දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට සාකච්ඡා වෙමින් තිබේ.

ඒ අනුව ජනාධිපති අනුර දිසානායක මහතා සහ ජාතික ජන බලවේගයේ සෙසු මන්ත‍්‍රීන් තිදෙනා ඇමතිවරුන් ලෙස පත් කර ඔවුන් යටතේ අමාත්‍යංශ 15ක් පවත්වාගෙන යාමට නියමිතය.

එම අමාත්‍යංශ 15 අමාත්‍යංශ ලේකම්වරුන් පහළොස් දෙනෙකු පත් කිරීමටද නියමිතය.