Spread the love

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8යි ග්‍රෑම් 220ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02) රාත්‍රී යේ ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරී අත්අඩංගුටව ගෙන ඇත.

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 112ක් සහග එක් සැකකරුවෙකු අනෙක් සැකකරු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 108ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. 

සැකකරුවන් අවුරුදු 38 සහ 47 වයස්වල පසුවන ඉන්දියන් ජාතිකයන් බව වාර්තා වෙයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.