නිමල් රාජපක්ෂ -.
මධ්‍යම, ඌව හා සබරගමු යන පලාත් තුනෙහි සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කොට හා බලපත්‍ර කොන්දේසි කඩකල හෝටල් ආපන ශාල හා රටබිම හල් වල සිදු කල වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා ඉදිිරිපත් කොට රුපියල් එක්කෝටි විසිපන්ලක්ෂ අනුඅටදාස් හත්සියයක (1 25 98 700/) දඩ ආදායමක් රජයට ලබා දීමට මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමත්වි ඇත.
අදාල පලාත් තුනෙහි 2025 වසරේ ජනවාරි පළමු වැනිදා සිටි දෙසැම්බර් 31 වැනිදින දක්වා සිදු කල වැටලීම් වලදී නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත , (හෙරොයින් , ගංජා , අයිස් හා කසිප්පු ) සැකකරුවන් 1091 ක් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල , රත්නපුර ,පැල්මඩුල්ල, රක්වාන, බලංගොඩ, බිබිල, මොනරාගල ,බදුල්ල, බණ්ඩාරවෙල , කෑගල්ල හා වරකාපොල යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට අසුනම ලක්ෂ හතළිස් එක්දාස් දෙසීයක දඩ මුදලක් අයකර ගෙන තිබිණ.
මෙම වැටලීම් වලදි කැරකෝ ආපන ශාලාවක බලපත්‍ර නොමැතිව මත්පැන් ජාවාරම සිදු කරද්දී හා නිති විරෝධී කස්ස්පු ප්‍රවාහනය කල මෝටර් රථයක් අනුරාධපුර ප්‍රදේශයේදී කොටු කර ගැනීමට මධ්‍යපලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමත්වි ඇත..

මීට අමතරව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ 1913 ලද තොරතුරු වලට අනුව සුරාබදු කොමසාරින් ජෙනරාල් එම්.බී ..එන් .ඒ. ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ,හෝටල් ,ආපනශාලා හා රටබීම හල් වල සිදු කල පරික්ෂාවන්හිදි බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවිල බලපත්‍ර ලාභීන්හට කාර්මික අපරාධ වාර්තා ඉ දිරිපත් කොට ඇත .
රජයේ මගින් සියළුම සුරා සැල් වසා තැබීමට නියෝග නිකුත් කොට තිබෙන පොහොය දින ඇතුලු දිනවලදි මත්පැන් අලෙවි කල මහනුවර , මයියන්ගන රටබීම හත් දෙක ඇතුලු රටබීමහල් පහකට මුද්‍ර තැබීමට ද සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කොට තිබිණ.
මේ අනුව බලපත්‍ර ස්ථාන 15 කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට අදාල බලපත්‍ර ලාභීන් සුරාබදු කොමාසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කොට ඹවුන්ගේ පෙරවැරදි සලකා බව රුපියල් 3 65 7500/ සමථ ගාස්තුවක් අයකරගෙන ඇත.
සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ,මහනුවර සුරාබදු අධිකාරී ජානක පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ , විශේෂ මහනුවර සුරාබදු විශේස මෙහෙයුම් ඒකකයේ සුරාබදු ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරික්ෂක ටයිටස් විජේවර්ධන මහතාගේ අධික්ෂණය යටතේ , පරීක්ෂකවරුන්වන චන්දන , හේමාල් , සැරයන්වරුන්වන රාජපක්ෂ , පාලිත ගුණරත්න ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
