මුල්කිරිගල , ගුණරත්න
මාතර දෙයියන්දර කළුගල රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පුජෝත්සවය අවසන් රන්දෝලි මහා පෙරහැර ඔක්තෝම්බර් 11වන දින (අද) සවස 6:15 යෙදෙන සුභ මොහොතින් උඩරට පහතරට සබරගමු නර්තන වලින් හා අලි ඇතුන්ගෙන් සමන්විත විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර දෙයියන්දර නගරය දක්වා වීදිසංචාරය කොට නැවත විහාරස්ථානයට ගෙවදීමෙන් දෙයියන්දර කළුගල රාජමහා විහාරස්ථානයේ බිනර මහා පුජෝත්සව මංගල්‍යය නිමා වන බව විහාරධිපති අතිපූජ්‍ය පණ්ඩිත මොරවක් කෝරලේ අධිකරණ සංඝනායක දේවාලේ ගම මහින්දසාර හිමියන් පවසයි.
