Spread the love

කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් සහිත කණුවක ගැටී (14) දින අනතුරට පත් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් රියදුරා සහ පසුපස ගමන් ගත් අයෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නානුඔය පොලිසිය පැවසීය.

(14) දින මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය බංගලාහත ප්‍රදේශයේදීය.

නානුඔය ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ය සහ දැඩි මීදුම් තත්වය හමුවේ ධාවනය වෙමින් තිබූ කැබ් රථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැනි සහිත කණුවේ ැටි මෙම අනතුර සිදු වී ඇති බවට අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නානුඔය පොලිසියේ රථාවාහන අංශයේ නිළධාරින් සැක කරයි.

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක් සදහා පැමිණි පිරිසක් මෙසේ අනතුරට පත් වී ඇත්තේ.

අනතුරින් කැබ් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.

පවතින දැඩි අයහපත් කාළගුණය සහ මීදුම් ත්තවය හමුවේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස නානුඔය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි