Spread the love

මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය, ඔහු විසින්ම සිදු කරගන්නා ලද තුවාල හේතුවෙන් සිදු වූ සියදිවි නසාගැනීමක් බව අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව්දෙනෙකුගෙන් යුත් මණ්ඩලය තහවුරු කර ඇත.

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනික පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි, මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ ඊයේ (30) සිය නිවසේ ගෙවත්තේ මියගොස් සිටියදී සොයා ගැණින.

සැකකටයුතු ලෙස සිදුවූ මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පත් කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය අවධාරණය කර ඇත්තේ,  මෙම මරණය ඔහු විසින් සිදුකරගත් තුවාල මත සිදුවූ දිවි නසාගැනීමක් බවයි