Spread the love

නිමල් රාජපක්ෂ

පොහොය දින ඊයේ (01) මත්පැන් අලෙවි කළ .ගම්පහ,මුද්දරගම රටබීම හල සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් සීල් තබන ලදි

සුරාබදු නිලධාරීන් රටබීම හල වටලන අවස්ථාවේ අනුමත නොවක අරක්කු බෝතල් 12 ක් බලපත්‍ර ස්ථානයේ තබාගෙන බලපත්‍ර කොන්දේසි කඩ කරමින් ,අලෙවි කරමින් සිටි බව කොලඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති .ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිල් ඒකනායක මහතා පවසයි.
මත්පැන් පොහොය දින අලෙවිකිරීම හා අනුමත නොවන අරක්කු ලග තබා ඟැනිම යන චෝදනා යටතේ මෙම රටබීම හල සීල් තබා ඇත.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නිති ක්‍රියාත්මක කිරිම) තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ සහ කොලඹ සුරාබදු අධිකාරි (දිපව්‍යාප්ත සුරාබදු විශේෂ මේහෙයුම් ඒකකයේ) පි.හේමන්ත මහත්වරුන්ගේඅධීක්ෂණය යටතේ , දිපව්‍යාප්ත සුරාබදු විශේෂ මේහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක නීල් ඒකනායක මහතාගේ මෙහෙයවිමෙන් ,සුරාබදු පරික්ෂක සරත් ජයවිර, සුරාබදු සැරයන් මේජර් අනුර, සුරාබසු නියාමක 694 දුලාන්, සුරාබදු නියාමක 1188 කුඔලාතර, සුරාබදු නියාමක රියදුරු පුබුදු ඇතුලු නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.