Spread the love

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයට අයත් මුහුදේ පිහිනමින් සිටියදී අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර සොයාගෙන ඇත.

ඒ අනුව කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන් හා රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔහුගේ සිරුර සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ 21/22 කණ්ඩායමේ අධ්‍යයන කටයුතු කළ ජනිදු චමෝද් නම් සිසුවෙක් මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින්, මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී, එක් සිසුවෙකු අතුරුදහන්වී තිබිණ