Spread the love

නිමල් රාජපක්ෂ

උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මේ මස 9 වැනි දින සිට යළ යථා තත්ත්වයට පත්වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

දිට්වා සුළි කුණාටුවෙන් හානී වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බැවින් යළිත් සුපුරුදු පරිදි අද දින සිට පෙරවරු 05.15 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරය බලා ධාවනය වන දුම්රියෙහි සහ පස්වරු 01.50 ට කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් වන ආසන වෙන් කිරීමේ පහසුකම් සපයා ඇත

ඒ අනුව 2026 අප්‍රේල් මස 09 වන දින සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වේ.