Spread the love

නිමල් රාජපක්ෂ

2025 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදුනු 76 වන යුධ හමුදා දින සැමරුමට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සමිපත් තුයියකොන්තා (විශ්‍රාමික) හා යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් කල නිර්දේශය මත ක්‍රියාන්විතයේදී තුවාල ලබා රණක්‍ෂිතයට පත් බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකුගේ සේවය අගයමින් සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , ඔවුන් මේජර් ජෙනරාල් නිලයට නිල උසස් කිරීම් සිදුකර ඇත.