Spread the love


නිමල් රාජපක්ෂ-

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා එක්ව සංවිධානය කළ “හරිත පා පැදි සවාරියේ” සමාප්ති උත්සවය ඊයේ (15) පැවැත්වුහ.

සමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම පාපැදි කණ්ඩායම කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ගමන් ආරම්භ කර සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි රටවටා ගොස් ශ්‍රි ජයවර්ධපුර කෝට්ටේ අගනගරයේ අභිමානය ජාත්‍යන්තරයට ගෙන යමින් දින 12ක් පුරා සංචාරය කරන ලදි.

ජාතීන් අතර සහජීවනය ගොඩනැගීම, ශ්‍රි ලංකාවේ පවතින සංචාරක කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑම, කෝට්ටේ අග නගරය සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීම යන කාරණා මෙහි ප්‍රධාන අරමුණු වේ.

මෙම අවස්ථාවට කෝට්ටේ නගරාධිපති අරෝෂ අතපත්තු මහතා, ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය සභාවේ ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා, වැලිකඩ පොලිසිය, නාගරික සංවර්ධන අධිකාරිය, බස්නාහිරි පළාත් සංචාරක මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කෝට්ටේ කෞතුකාගාරය ඇතුළු ආයතනවල නිලධාරීන් රැසක් එක්ව සිටි අතර වැඩසටහන අවසානයේ කෙටි සංගීත ප්‍රසංගයක්ද පැවැත්වනු ලැබුහ..