රථ වාහන ආනයන සීමා 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ රට ක්‍රමයෙන් ආර්ථිකමය වශයෙන් නැගී සිටින බවට එය හොඳ ම නිදසුන බවයි. ඩොලර් සංචිත ප්‍රමාණය බිලියන 6ක් පමණ දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි.
ශ්‍රී ලංකාවට විවිධ භාණ්ඩ රේගු කේතාංක 9000ක් පමණ යටතේ ආනයනය කරන අතර ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන් 2000ක් පමණ ආනයන අත්හිටවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ආර්ථිකය ප්රකෘත්තිමත් වෙන ආකාරයට අනුව අවස්ථා කිහිපයක දී එම ආනයන සීමා ඉවත් කෙරුණු අතර රථ වාහන ආනයනය පිළිබඳ සීමා තව දුරටත් පවත්වාගෙන යාමට රජය තීරණය කළේය.
මෙම කැබිනට් මණ්ඩල අනුමැතියත් සමග එම සීමා ද ඉවත් යන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
