නිමල් රාජපක්ෂ
රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ සඳහා පත් කළ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම හෙට (07) පෙරවරු 10.00ට කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී සිදු කෙරේ.
2026 ජූනි 22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපති විධානයකට අනුව මෙම කොමිෂන් සභාව පිහිටුවා තිබේ.
රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, නව තාක්ෂණික ප්රවණතා සහ ගෝලීය ප්රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයෙන් ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනය සිදුවිය යුතුද යන්න සඳහා නිර්දේශ ලබාදීම ආදිය පිළිබඳ වගකීම මෙම කොමිසම වෙත පවරා ඇත.
එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වෘත්තීය සමිති, සංවිධාන සහ මහජනතාව වෙතින් අදහස් සහ යෝජනා කැඳවීමද හෙට දිනයේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
