Spread the love

නිමල් රාජපක්ෂ 
වැලිවේරිය ප්‍රදේශයේ බිඩි නිෂ්පාදනාගාරයක් වටලා තීරු බදු නොගෙවා ගෙන්වන ලද රුපියල් 9 63 0 500/– වටිනා තෙන්ඩු කොල තොගයක් ගම්පහ සුරාබදු නිලධාරීන් ඊයේ (27 ) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල තොගයේ තීරු බදු නොගෙවා ගෙන්වු තෙන්ඩු කොල කිලෝ 1133 ක් තිබු බව ගම්පහ සුරාබදු අධිකාරී ප්‍රදීප් ජයසිංහ මහතා පවසයි.
බලපත්‍ර කොන්දේසි කඩ කරමින් තීරු බදු නොගෙවු තෙන්ඩු කොල තබා ගැනීම වෙනුවෙන් අදාල බීඩි නිෂ්පාදිත බලපත්‍ර ලභියාට විරුද්ධව ඉ දිරියේදි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන් .ඒ පේමරත්න මහතා වෙත ඉදිරිපත්කොට සමථ ගාස්තුවක් නියම කිරීමට නියමිතය.


නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරීම් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත,බස්නාහිර පලාත් (111) සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ, ගම්පහ සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක සාගර සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, ගම්පහ සුරාබදු ස්ථානයේ සුරාබදු පරීක්ෂකවරුන් වන එස්. ජී. පී. නිශාන්ත, එම්. එල්. ආර්. ජේ. ප්‍රනාන්දු, සුරාබදු සැරයන්වරුන් වන 675 එස්.එස්.බී.ඩී.එච්.ජේ. ජයවර්ධන, 896 එම්.ඒ.ඒ සිල්වා, සුරාබදු කෝප්‍රල්වරුන් වන 1106 ඩී. කේ. ජී. සී. එන්. ජයතිලක,1181 ආර් .ඒ.අයි.ඩී.කේ. රණසිංහ,සුරාබදු නියාමකවරුන් වන 1082 එන්.ජේ.එච්.ජී.එම්. මධුසංක , 1173 ඒ. එස්. වීරකෝන්, සුරාබදු රියදුරුවරුන් වන කරුණාරත්න සහ ආර්.ඒ.එල්. ශෂික රණතුංග යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.